top of page
Search

ඉඩම්, පොලිස් බලතල දීමටත් කලින් මන්නාරමින් සිංහල ගැමියන් එලියට? Posted on February 6th, 2023

චානක බණ්ඩාරගේ

මන්නාරම මුරුන්කන්හි නරි කාඩු සිංහල ගම්මානය සිංහල වැසියන් ජීවත්වෙන ගම්මානයකි, මෙහි බොහෝ සිංහල අය පාරම්පරිකව එම ප්‍රදේශයේ ජීවත් වූ අයයි.  ඒ අය දෙමල කථා කරති.  දෙමළ නොදන්නා සිංහලයෝද මේ ගමේ ජීවත් වෙති.

ප්‍රභාකරන් විසින් උතුරෙන් සිංහලයන් එළවීමේ ත්‍රස්‌තවාදී වැඩපිළිවෙල යටතේ මෙම ගමේ බොහෝ දෙනෙක් උතුර අත් හැර උතුරු මැද පලාතට ගියහ. 2009 යුද්ධය අවසන් වීමෙන් පසු මේ සිංහලයන්ගෙන් සමහරෙක් ආපසු නරි කාඩු ගම්මානය වෙත ආහ.

මෙම ගමට වැදුණු තදබල පහරක් වුයේ ගමේ ළමුන් පාසැල් ගිය මඩු පාර සිංහල මහා විද්‍යාලය විග්නේස්වරන්ගේ උතුරු පළාත් සභාව විසින් 2018දී වසා දැමීමයි. එය වසර ගණනාවක් පැරණි, සියළු පහසුකම් වලින් හෙබි උසස් විදුහලක් විය.

කිසි හිතක් පපුවක් නොමැතිව මේ අගනා විදුහල වසා දමන ලදී.

මේ අසාධාරණ වසා දැමීම පිළිබඳව අප එවකට වූ යහපාලන රජය දැනුවත් කළෙමු. නමුත් කිසිත් සිදුවුයේ නැත.

තම දරුවන්ට සිංහලෙන් අධ්‍යාපනය ලබා දීමේ හැකියාව නොමැති නිසා නරි කාඩු, මඩු පාර වැනි සිංහල ගම්වල සිංහලයන් සමහරෙක් ආපසු උතුරු මැද පළාත බලා ගියහ. මිනිසුනට වගා කිරීමට ඉඩම් නොමැති කම නිසාද මේ ගම් අත් හැර දකුණට ආපසු ගිය සිංහලයෝ වුහ.

මේ පහසුකම් දෙන්නේනම් ආපසු තම ගම බලා ඒමට සිංහල වැසියෝ සුදානම්ය.

තත්ත්වය මෙසේ තිබියදී නිවාස සංගණනයක් ය කියා නරි කාඩු අයත් වෙන නානාත්තාන් දිස්ත්‍රික් සහකාර ලේකම් ආයතනයේ නිලධාරින් මෑතකදී මෙම ගමට පැමිණ එහි වැසියන්ගෙන් වසා තබා ඇති නිවාස පිළිබඳව නොයෙක් ප්‍රශ්ණ අසා ඇත. මේ ගෙවල් අපරාධේ, අනිත් අයට (දෙමළ) ගෙවල් නෑ, මේක මහ අපරාධයක්” වැනි දේ ඔවුන් කියා ඇත.

වසා තිබෙන නිවෙස් හැර, ඒවායේ දෙමල ජනයා පදිංචි කරාවිද යන බිය සිංහල ගම් වැසියන් තුල ඇත.

නිවාස සංගණනයක් රජය විසින් රටේ කිසිම පලාතක නොපවත්වන මේ සමයේ මෙම නරි කාඩු ගමට මෙවන් රජයේ නිලධාරීන් පැමිණ කරන මේ සංගණනය කුමක්ද?

ඉඩම්, පොලිස් බලතල මේ පලාතට දීමටත් කලින් මේ අය හැසිරෙන්නේ මෙසේ නම් ඒවා දුන් පසු තත්ත්වය ගැන තවත් කුමන කථාද?

මෙම කාරණය ගැන මෙම ලියුම්කරු වාර්ථා කරන්නේ ඔහුට ගම්වැසියන් විසින් පවසන ලද කථාවය.

මෙම ලියුම්කරු මෙම  ගම්මානවල බොහෝ කාලයක සිට ප්‍රජා සංවර්ධන වැඩ කටයුතු සිදු කර ඇත.

අද උතුරේ පදිංචි සිංහලයාට තම ප්‍රශ්ණ කීමට කිසිම සිංහල නිලධාරියෙක් නොමැත.  මේ ප්‍රදේශවල, රජයේ ආයතනවල සිංහලෙන් කිසිම වැඩක් නොකරයි.

1987 සිට 2018 දක්වා එක් දිගට (වසර 31ක්), සැමදාම උතුරේ ආණ්ඩුකාරයා වුයේ සිංහල අයෙකි. මේ තත්ත්වය වෙනස් කලේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි – 2018දීය. ඉන්පසු පැමිණි සියළු ආණ්ඩුකාරයන් වුයේ දෙමළ අයයි.

උතුරේ ආණ්ඩුකාරයා දෙමළ විය යුතු බවට නව සම්ප්‍රදායක් බිහි වෙලාද?

ඉදින්, මේ සිංහල රටේ සිංහලයාට දෙවියන්ගේම පිහිටයි!

 
 
 

Recent Posts

See All
අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (11 කොටස) Posted on October 17th, 2025

චානක බණ්ඩාරගේ ලෝකේ මිල කළ නොහැකි වටිනාම සම්පත පුංචි දරුවෝයි. අම්මෙක් තම 18 හැවිරිදි පුතාට එයාගේ උපන් දිනය දා දුන් ඔවදන් – ‘හිතන්න එපා අත පය හතර දික් වුණා කියලා සර්ව සම්පූර්ණයි කියලා. මේ සමාජය හරි විසය

 
 
 
අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (14කොටස) Posted on October 27th, 2025

චානක බණ්ඩාරගේ රටේ ජාතික ගීය ලියු රචකයා තාමාට සිදුවූ අසාධාරණය නිසා සියදිවි නසා ගත්තේ නම්, ඉන්දීය නොවන, අපේ රටටම ආවේනික වූ අපුරු සංගීතයක් නිර්මාණය කල අසහාය ගායකයාගේ ගීත වසර 20ට තරම ගුවන් විදුලියෙන් උවම

 
 
 
ට්‍රැෆික්, ලොකු බස්, දුම්රිය සහ ත්‍රීවීල් Posted on September 9th, 2025

චානක බණ්ඩාරගේ රටේ ආර්ථිකයට මරුම මරු පහරකි දැවැන්ත ට්‍රැෆික් ප්‍රශ්නය. මිනිසුන්ගේ වැයවෙන කාලය, නිරපරාදේ දහනය වන ඉන්ධන පමණක් නොවේ මිනිසුන්ගේ මානසිකත්වය පවා එය නිසා පිරිහේ. සංචාරකයෝ/ආයෝජකයෝ ඒමද අඩු විය

 
 
 

Comments


bottom of page