top of page
Search

සරභූමිහි වන්ලුන්

Updated: Aug 21


 චානක බණ්ඩාරගේ

ඒ 19වෙනි සියවසේ මැද භාගයයි. මුළු උතුරු චීනයම දැඩි නියගයෙන් බැට කෑය. ඉංග්‍රීසින් විසින් හඳුන්වා දුන් අබිං වසංගතයෙන් මුළු චීනයම වාගේ වැළලී ගොස් තිබුණි. සාගතයෙන් මිනිසුන් මහ පාරවල මැරී වැටුනහ.   

දරිද්‍රතාවයෙන් අන්තයටම බැට කෑ වන්ලුන් ගොවියා තම පවුලත් රැගෙන දකුණු චීනයට ගියේ ‘බෝංචි ඇට කිහිපයක් හෝ සොයා’ තම පවුලේ බඩගින්න නිවාලිය හැකි වේය යන අපේක්ෂාවෙනි.

එවිට දකුණු චීනය පුරා හමා ගිය විප්ලවය නිසා වන්ලුන් පුදුමාකාර ලෙස හදිසි ධනවතෙක් විය. විප්ලවය වන අවස්ථාවේ ඔහු සැඟවී සිටියේ මහා ධන කුවේරයෙකුගේ නිවසකය. එහි සඟවා තිබු මහා ධනයක් (රත්‍රන් කාසි) වන්ලුන් සතු විය.

ඇත්තටම ඒ මුදල් සමුවුනේ වන්ලුන්ගේ බිරිඳ ඕලෑන්ටය. ඇය ඒවා වන්ලුන්ට පෙන්වීය. දෙදෙනාම තම ඇඳුම් තුල සහ බෑග් වල මේ වස්තුව සඟවා ගත්හ.

ආපසු උතුරට පැමිණි වන්ලුන් එදා දකුණේදී ඔහු දුටු ධනපතියන් මෙන් ජීවත් විය. ඕලෑන් ළඟ තිබුණු මුදල්ද වන්ලුන් ඉල්ලා ගත්තේය. ඕලෑන් ඉතා සතුටින් ඒවා වන්ලුන්ට දුන්නාය.

තම ජීවන සහකාරිය වූ විරූපී ඕලෑන්ව අත් හැර සුරූපී තරුණ කතක් වූ පද්මාව වන්ලුන් විවාහ කර ගත්තේය. වන්ලුන් සහ  පද්මා අබිං බොමින්, කම් සැප විඳිමින්, අතිශය සැප සම්පතින් පිරි ජීවිතයක් ගෙවුහ.

ඕලෑන්ව අත් හලත්, ඇයව නිවෙස් භුමියේ වෙනත් කොටසක දැසි දස්සන් සහිතව තැබීමට වන්ලුන් වග බලා ගත්තේය. තම දරුවන්ගේ මව වූ ඕලෑන් ගැන  හොරෙන් සොයා බැලීය.

මොනතරම් මුදල් තිබුනත් ඕලෑන් පැරණි ඕලෑන්ම විය.ඇයට දැසි දස්සන්ගේ සේවය අවශ්‍ය නොවීය. සුපුරුදු පරිදි භුමිය කොටා බඩ ඉරිඟු වැනි වගාවන් කර, ඒවා අනුභව කර ජීවත් විය. තම දරුවන්ටද සාමාන්‍ය ජීවිත ගත කරන ලෙසට උපදෙස් දුන්නාය (ඔවුන් එම උපදෙස් නොතකා හැරීම වෙනත් දෙයකි).

ඕලෑන්ගේ බඩේ ගෙඩියක් හට ගෙන ඉන් ඇය ඉමහත් වේදනා විඳින බව දැනගත් වන්ලුන් ඉමහත් කම්පා විය. බොහෝ කාලයකට පසු වන්ලුන් ඕලෑන් බැලීමට ඇගේ කුටියට ගියේය. ඕලෑන්ගේ මුහුණට සිනහවක් නැගුණි.

ඕලෑන් වන්ලුන්ට නොබැන්නාය. වන්ලුන් දෙස අමාරුවෙන්, දෑස් ලොකු කර බැලුවාය. ‘මාගේ බිරිඳ පද්මා නොව ඕලෑන් බව’ වන්ලුන් තේරුම් ගත්තේය.

ඕලෑන් පද්මාට විරුද්ධව කථා නොකලාය. වන්ලුන් සහ පද්මා අතර කෙටවීමක් ඇය ඇති නොකලාය. නමුත්, පද්මාගේ අයථා සම්බන්දතා ගැන ප්‍රවේශමින් වන්ලුන්ට කීය (ඒවා, එවිට මහළු වන්ලුන්ද  දැන සිටීය).

ඕලෑන්ට හැකි උපරිමයෙන් වෛද්‍ය සහාය ලබා දීමට වන්ලුන් කටයුතු කළේය.

ඕලෑන්  වෙත වන්ලුන් යොමු වීම ගැන පද්මාට තිබුනේ දැඩි තරහකි.

ඕලෑන් මැරුණු පසු වන්ලුන් හොඳ භුමිදානයක් ඇයට ලබා දුන්නාය. කනත්තේදී අතීතය ආවර්ජනයවී වන්ලුන්ට හැඬුම් ආය. නමුත්, එවිට සියල්ල ප්‍රමාද වැඩිය. ඕලෑන් මෙලොව අත් හැර ගොසිනි.

අප සමාජයේ වන්ලුන්ලා,  ඕලෑන්ලා හිඟ නොවේ.

වන්ලුන් මෙන් අප බොහෝ ස්වාමිපුර්ෂයනට වියපත්ව අවලස්සන වූ මුල් බිරිඳගේ හොඳ තේරෙන විට බොහෝ ප්‍රමාද වී වැඩිය. එවිට, ‘බොහෝ ජලය පාලම යටින් ගසා ගෙන ගොස් අහවරය’.

වන්ලුන් මළ පසු පද්මා වන්ලුන්ව ඕලෑන්ගේ සිරුර ආශ්‍රිතයේ භූමධානය කළාය.


                                 






  






    



              



 
 
 

Recent Posts

See All
සතුන් ගැන - සුරතල් සතුන්, වන ජීවීන් ඇතුළත්

චානක බණ්ඩරගේ o මිනිසුන් වන අප සතුන්ට කරුණාවන්ත වූ සමාජයක් නිර්මාණය කළ යුතුය. අසරණ සතෙකුට උදව් කිරීම උතුම් ක්‍රියාවකි. o සෑම නිවසකම බල්ලෙකු, බළලෙකු හෝ වෙනත් සුරතල් සතෙකු ඇති දැඩි කරන්නේ නම් එය

 
 
 
About animals

Chanaka Bandarage We humans must create a society that is also kind to animals. Helping a helpless animal is a noble act. It is really good if every home rears a dog, cat or other pet. The good

 
 
 

Comments


bottom of page