top of page
Search

ගොළු හදවතේ දම්මි Posted on February 19th, 2023

චානක බණ්ඩාරගේ

දම්මි නොව පාසලේ කිසිම කෙල්ලක් සමඟ ප්‍රේම සම්භන්ධයක් ඇති කර ගැනීමට සුගත්ට කිසිම උවමනාවක් නොවීය.

ප්‍රේම සම්බන්ධය පටන් ගන්නේ හුදු දම්මිගේ  උවමනාවටය.

පටන් ගත් පසු, දෙදෙනාම ඉතා භක්තියෙන් එය ඉදිරියට රැගෙන ගියහ.

එය ඉතාම චමත්කාර, සොඳුරු, ආනන්දජනක, ආදර අන්දරයක් විය.

පාසැලේ අවසන් දිනයේදී, මුහුදු වෙරළේදී,  දම්මි ඇය එතෙක් සඟවා සිටී රහස සුගත්ට කීවාය. එනම්, දම්මි කුඩා කාලයේදීම ඇයව තම ඇවැස්ස මස්සිනා වන නිහාල් සමඟ විවාහ කර දීමට දෙපාර්ශවයේ වැඩිහිටියන් ගිවුසුම් ගසා සිටී බවයි. ඒ නිසා, තමනට කිසිදාක සුගත් හා එක්විය නොහැකි බවයි.

නිහාල් එවිට වෛද්‍ය ශිෂ්‍යයෙක් බවත් ඔහු වෛද්‍යවරයෙක් ලෙස වැඩ ආරම්භ කල වහාම තමන් නිහාල් සමඟ විවාහ ගත වන බවත් දම්මි සුගත්ට පැවසුවාය.  

මෙසේ කියා දම්මි සුගත්ගේ මුහුණවත් නොබලා මුහුදු වෙරළේ ඈත කොනේ සිටී තම යෙහෙලියන් වෙත දිව ගියාය.

මෙයින් සුගත්ගේ ලෝකය කඩා, බිඳ වැටුණි. ඔහු වෙරළේ අතරමං විය.

සුගත් තදබල බේබද්දෙක් බවට පත් විය.

සුගත්ගේ සහායට සිටියේ ඔහුගේ වැඩිමහල් සොහොයුරු සරත් සහ සරත්ගේ බිරිඳයි. නමුත්, සුගත් දිගටම බේබද්දෙක් විය, ඔවුනට එය නවතාලීමට නොහැකි විය.

පාසැලෙන් අස්වූ පසු පාසැල් සැණකෙලියේදී සුගත්ට දම්මි තම වෛද්‍ය සැමියාව හඳුන්වා දුන්නාය.

අවසානයේ සුගත්ව බේරා ගත්තේ මේනකායි (මේනු – බඹා කෙටු  හැටි නවකථාව).

දම්මිගේ හැසිරීම අපට අනුමත කල හැකිද?  නොහැක.

නමුත්, පුරා වර්ෂ 60ට එහා සිට මේ රටේ පාටකයා සහ සිනමා රසිකයන් ආදරය කලේ දම්මිටය, සුගත්ට නොවේ.

ඔවුනගේ අනුකම්පාව ලැබුනේ සුගත්ට නොව දම්මිටය!

ගොළු හදවත කතෘ කරුණාසේන ජයලත් පවා සුගත්ට වඩා දම්මිට අනුකම්පා කළා සේය (ඔහු පසුව රචනා කල ‘ආදරෙයි මම ආදරෙයි’ ගීතය).

දම්මි චපල ගැහැනියක වුවාය.  තමන් නිහාල් සමඟ යම් දවසක විවාහ වන බව දම්මි කුඩා වයසේ සිටම දැන සිටියාය. ඇය සුගත්ගේ ජීවිතය සමඟ සෙල්ලම් කළාය.

නමුත්, ඇයගේ ප්‍රේමය සත්‍ය ප්‍රේමයක් ලෙස අප සමාජය පිළිගනී!

අප සමාජය නොපිටට බලන සමාජයක්ද?

බොහෝ බටහිර රටවල්ද එසේය.

ඩයනා කුමරිය විවිධ අයථා  සම්බඳථා වල නිරත විය. නමුත් සැමදා අපහාස ලැබුවේ (එවක) චාර්ල්ස් කුමරුය (චාර්ල්ස් සහ කැමිලා අතර කලින් ආදර සම්බන්ධයක් විය).

සුගත්ව බැලීමට දම්මි සුගත් නැවතී සිටී හෝටලයට ගියාය. ඒ ගියේ කෙසේ හෝ සුගත්ව මත්පැනින් මුදවා ගැනීමටය. මෙය ශ්‍රේෂ්ට ක්‍රියාවකි.

දම්මිගේ මේ ක්‍රියාව සැවොම මහ ඉහලින් කථා කරති.

එහෙත්, සුගත්ව එම තත්ත්වයට ඇද දැම්මේ දම්මි නොවේද? හොටලය්දී සුගත් දම්මිගෙන් මෙසේ විමසුවේය – කෙනෙක්ගේ හිත පාරවන එක පවක්ද දමයන්ති? (මෙය ඇසීම නිසා දම්මි ඒ ස්ථානයෙන් නැගිට යාමට තැත් කලාය)” සහ ඇයි දම්මි ඔයා මගේ ජිවිතේ එක්ක සෙල්ලම් කලේ?”.

(එදා 60 දශකයේ තරුණයන් තම තරහ ප්‍රදර්ශනය කලේ එලෙසය –  ඉතාම ශිෂ්ඨ සම්පන්න ලෙස).

චපල ගැහැනියක් වුවද (ඔබ මේ අර්ථ කථනය පිලිනොගන්නවා විය හැකියි), දම්මි  සුගත්ව මුළුමනින්ම් අත් හරියේ නැත; ඇය කසාද බැඳ සිටියදී පවා.  

දෙමව්පිය දෙදෙනාම නැති  සුගත් කෙරෙහි දම්මි තුල සැමදා වුයේ අනුකම්පාවක්ද? එය කිසිදා ආදරයක් නොවී නේද?

(අද කුඩා දේටත් මිනී මරාගන්නා වර්තමාන තරුණයනට දම්මි සහ සුගත් කදිම ආදර්ශයකි).

 
 
 

Recent Posts

See All
අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (11 කොටස) Posted on October 17th, 2025

චානක බණ්ඩාරගේ ලෝකේ මිල කළ නොහැකි වටිනාම සම්පත පුංචි දරුවෝයි. අම්මෙක් තම 18 හැවිරිදි පුතාට එයාගේ උපන් දිනය දා දුන් ඔවදන් – ‘හිතන්න එපා අත පය හතර දික් වුණා කියලා සර්ව සම්පූර්ණයි කියලා. මේ සමාජය හරි විසය

 
 
 
අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (14කොටස) Posted on October 27th, 2025

චානක බණ්ඩාරගේ රටේ ජාතික ගීය ලියු රචකයා තාමාට සිදුවූ අසාධාරණය නිසා සියදිවි නසා ගත්තේ නම්, ඉන්දීය නොවන, අපේ රටටම ආවේනික වූ අපුරු සංගීතයක් නිර්මාණය කල අසහාය ගායකයාගේ ගීත වසර 20ට තරම ගුවන් විදුලියෙන් උවම

 
 
 
ට්‍රැෆික්, ලොකු බස්, දුම්රිය සහ ත්‍රීවීල් Posted on September 9th, 2025

චානක බණ්ඩාරගේ රටේ ආර්ථිකයට මරුම මරු පහරකි දැවැන්ත ට්‍රැෆික් ප්‍රශ්නය. මිනිසුන්ගේ වැයවෙන කාලය, නිරපරාදේ දහනය වන ඉන්ධන පමණක් නොවේ මිනිසුන්ගේ මානසිකත්වය පවා එය නිසා පිරිහේ. සංචාරකයෝ/ආයෝජකයෝ ඒමද අඩු විය

 
 
 

Comments


bottom of page