top of page
Search

ගම්පෙරළියේ ජිනදාස Posted on February 19th, 2023

චානක බණ්ඩාරගේ

නන්දාගේ පවුල තරම් නොවුවත් ජිනදාසගේ පවුලද මාතර දිස්ත්‍රික්කයේ වංශක්කාර පවුලක් විය.

රැකියාවක් නැති ජිනදාසට කයිසාරුවත්තේ මුහන්දිරම් නිවසේ තවදුරටත් නිකරුනේ කාලය කා දමමින් ගත කිරීමට අවශ්‍ය නොවීය. ඔහුට උවමනා වුයේ ඔහුගේ ස්ව-වීර්යයෙන් මුදල් හම්බ කර සිය බිරිඳට කන්න දීමටය.

ජිනදාස සිංහලේ (බිබිලේ) ගොස් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සනිටුහන් කර ගතී. නන්දා මේ අදහසට නොකැමැති වුවත් පසුව කැමති විය.

කාලයාගේ අවෑමෙන් ජිනදාසගෙන් මුදල් කෙසේ වෙතත් ලියුමක්වත් නන්දාට නොලැබිණි.

ජිනදාස සිංහලේ ගැහැනියක් කර කාර බැඳ එහි කඩයක් කරගෙන යන බවට පුවත් නන්දාගේ කණට අසන්නට ලැබුණි.

සිංහලේ බොහෝ දුර ඈත නිසා නන්දාට ජිනදාසගේ ජීවිතය ගැන බැලීමට යාමට අවකාශ නොලැබුණි.

ජිනදාස තමනට ද්‍රෝහී වූවායයි නන්දා අවංකවම සිතුවාය. ඇය තව තවත් පියල් වෙත නැඹුරු විය.

අවසානයේ, නන්දා සහ පියල් විවාහ වුහ. එය සියළු සිංහල චාරිත්‍ර වලින් යුත් නන්දාගේ ජිනදාස සමඟ විවාහ උත්සවය මෙන් නොව බටහිර ආර අනුව සිදු වු මහාර්ඝ මංගලෝත්සවයක් විය.  පියල්ගේ මිතුරු සුද්දන් කිහිප දෙනෙක්ද එයට සහභාගී වුහ.

නන්දා පියල් සමඟ පියල්ගේ කොළඹ දැවැන්ත නිවසේ සියළු සැප පහසුකම් සහිතව ජීවත් වුවාය.

මේ අතර, නන්දාට වහා පැමිණි ජිනදාසගේ මිනිය භාර ගන්නා මෙන් විදුලි පුවතක් සිංහලේ රෝහලින් ලැබුණි. එදින පියල් කොළඹ නොවීය.

නන්දා වහා සිංහලේ බලා රියදුරු සමඟ වාහනයෙන් පිටත් විය. ඇය දුටු පසු රෝහලේ කාර්ය මණ්ඩලය මියගොස් ඇත්තේ වෙනත් පුද්ගලයෙක්ය කියා නන්දාව ආපසු හරවා යැවීමට තැත් කළහ. මන්ද, මල මිනිය කිසිසේත්ම නන්දාගේ සැමියාගේ නොවන බව ඔවුන් තරයේ කියා සිටීමයි.

නන්දා බලෙන්ම මෙන් රෝහලේ මෘත ශාරිරාගාරයට ගොස් කළු පැහැව, කෘෂව තිබු ජිනදාස සිරුර අඳුනා ගත්තාය. ඇය  රෝහල්දී හඬා වැටුනාය.

නන්දා මුදල් වියදම් කර ජිනදාසට ඉතා හොඳ අවමංගලෝත්සවයක් සිංහලේදී ලබා දුන්නාය.

ඇය කොළඹ පැමිණ ඉතා වික්ශෝපයෙන් සිටීම පියල්ගේ නුරිස්සුමට ලක්විණ. ‘ඔයා ඒ මිනිහට පාන්ස්කුලේ දෙන්නයි,අවමංගල්‍යටයි වියදම් කලේ මගේ සල්ලි’ යයි පියල්ට කියැවිණි. නන්දාට පියල් එපා විය.

පියල් පසුව නන්දා ගෙන් සමාව ගත්තාය. ‘නන්දා මට සමාවෙන්න මා ඒ දේවල් කිව්වේ ඔයාට තියෙන ආදරය නිසා’ යයි ඔහු කීය. ඔහු සැමදා නන්දාට ආදරය කල බව කීය. නන්දා එයින් ප්‍රමෝදයට පත් විය.

ජිනදාස සිංහලේදී අන් කතක් බැඳ, කඩයක් කරගෙන, ඉතා සරුවෙන් සිටිනවා යන බොරුව නන්දාගේ පවුලට ප්‍රචාරය කලේ (අඩු කුලේ) පියල් විසින් විය නොහැකිද? පියල් එවිට සුවිසල් ධනපතියෙකි.

ජිනදාසට අවශ්‍ය වුයේ තම ස්වොත්සාහයෙන් උපයන ලද මුදලින් නන්දාට සැලකීමටය. ඔවුන් දෙදෙනාට දාව උපන් දරුවාද තිඹිරිගෙදරම මිය ගොස් තිබුණි.

නමුත්, ජිනදාසගේ සියළු උත්සහ, බලාපොරොත්තු  ව්‍යර්ථ විය. ඔහු තදබල ලෙස මැලේරියාවට ගොදුරු විය;  බොහෝ කාලයක් මැලේරියාවෙන් තදබල ලෙස පීඩා විඳීය. අවසානයේ ඔහු සිංහලේ රෝහලේ වාට්ටුවක්දී මියගියේ කාත් කවුරුවත් නැතිවය. රෝහලේ සේවකයන් සිතුවේ ඔහු යාචකයෙක් කියාය.

ජිනදාසගේ මානසිකත්වය කුමක් විය හැකිව තිබුනීද?

අප සමාජයේ ජිනදාසලා  මොනතරම් ප්‍රමාණයක් ඇද්ද?

ජිනදාසගෙන් සහ පියල්ගෙන් විද්‍යාමාන වන්නේ අප සමාජයේ ඇති කුරිරුභාවය  නොවේද?

මෙහිදී අපට නන්දාට දොස් පැවරිය නොහැක්කේ කාන්තාවක් ලෙස ඇය එදා සිටී තත්ත්වයත්, පියල් වැනි ධනපති  ‘රෞද්‍ර’ මිනිසෙකුගේ ග්‍රහණයට මුළු කයිසාරුවත්තේ පවුලම එවිට නතු වී තිබීමත්  නිසාය  (නන්දාගේ පියා  කයිසාරුවත්තේ මුහන්දිරම් එවිට මිය ගොසිනි).

 
 
 

Recent Posts

See All
අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (11 කොටස) Posted on October 17th, 2025

චානක බණ්ඩාරගේ ලෝකේ මිල කළ නොහැකි වටිනාම සම්පත පුංචි දරුවෝයි. අම්මෙක් තම 18 හැවිරිදි පුතාට එයාගේ උපන් දිනය දා දුන් ඔවදන් – ‘හිතන්න එපා අත පය හතර දික් වුණා කියලා සර්ව සම්පූර්ණයි කියලා. මේ සමාජය හරි විසය

 
 
 
අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (14කොටස) Posted on October 27th, 2025

චානක බණ්ඩාරගේ රටේ ජාතික ගීය ලියු රචකයා තාමාට සිදුවූ අසාධාරණය නිසා සියදිවි නසා ගත්තේ නම්, ඉන්දීය නොවන, අපේ රටටම ආවේනික වූ අපුරු සංගීතයක් නිර්මාණය කල අසහාය ගායකයාගේ ගීත වසර 20ට තරම ගුවන් විදුලියෙන් උවම

 
 
 
ට්‍රැෆික්, ලොකු බස්, දුම්රිය සහ ත්‍රීවීල් Posted on September 9th, 2025

චානක බණ්ඩාරගේ රටේ ආර්ථිකයට මරුම මරු පහරකි දැවැන්ත ට්‍රැෆික් ප්‍රශ්නය. මිනිසුන්ගේ වැයවෙන කාලය, නිරපරාදේ දහනය වන ඉන්ධන පමණක් නොවේ මිනිසුන්ගේ මානසිකත්වය පවා එය නිසා පිරිහේ. සංචාරකයෝ/ආයෝජකයෝ ඒමද අඩු විය

 
 
 

Comments


bottom of page