top of page
Search

රොහීන්ග්‍යා ආගමනය Posted on January 11th, 2025

චානක බණ්ඩාරගේ

රජය විසින් කළ යුතුව තිබුනේ රොහීන්ග්‍යයන් ආ විගස ඔවුන්ව ඔවුන්ගේ රටට (මියන්මාරයට) ආපසු පිටත් කර හැරීමයි.

රටට ආදරය කරන, දූරදර්ශී රජයක් විසින් ක්ෂණිකව ගත යුතුව තිබු පියවරකි ඒ.

රටට අත්‍යාවශ්‍ය ඇතැම් තීරණ සැනෙකින්, ඉතා බුද්ධිමත්ව ගැනිය යුතුය.  දක්ෂ නායකත්වය යනු එයයි.

දක්ෂ නායකයාට ඉතා පුළුල් පරාසයක් පෙනේ. ඔහුට/ඇයට ඇත්තේ ඉතා හොඳ දුරදක්නා නුවණකි; රටට පන මෙන් ආදරය කරයි.

නායකත්වයට පළපුරුද්ද (experience) අවශ්‍යය යයි කියන්නේ මේ නිසාය.

මියන්මාරය අපට ඉතා හිතවත්, ගුණ ගරුක බෞද්ධ රටකි. මේ පැමිණි රොහීන්ග්‍යයා වරුන්ට කිසිදු කරදරයක් නොකර, ඔවුන් ආපසු භාර ගන්නා මෙන් ඉල්ලා, ඒ පිළිබඳව මියන්මාරයෙන් සහතිකයක් ලබා, ඔවුන්ව වහාම පිටත් කර යැවිය යුතුව තිබුණි.

රොහීන්ග්‍යයන්ට කවා පොවා බලා ගැනීමෙන් මේ රටේ වාසය කල හැකිවේ යයි යන බලාපොරොත්තුවක් අප ඔවුන් තුල ඇති කරයි. මේහි සිටින දින ගණන වැඩිවෙත්ම මෙහි දිගටම වාසය කිරීමේ ඔවුන්ගේ ආශාව වැඩි දියුණු වනු ඇත.  එය මනුෂ්‍ය ගතියකි.

තවත් රොහීන්ග්‍යයා බෝට්ටු ඉදිරියේදී පැමිණිය හැකි යයි ඇතැම් අය (විශේෂඥයෝ) ප්‍රකාශ නිකුත් කර තිබේ.

රොහීන්ග්‍යයන් මෙහි තබා ගත යුතු යයි පවසන ප්‍රබල දේශපාලනඥයෝ සහ වෙනත් සමාජ බලවේග වෙත්. ඔවුන්ට වෙනත් යටි අරමුණුද තිබිය හැක.  

ශ්‍රී ලංකාව යනු සරණාගතයන් භාර ගන්නා රටක් නොවේ (මේ රටින් නම් සරණාගතයන් වෙනත් රටවලට පිටත් වේ). ඒ සඳහාවූ  ජාත්‍යන්තර සම්මුති වලට අප අත්සන් තබා නැත. සරණාගතයන් භාර ගැනීම සඳහා වූ දේශීය නිතී රීතිද  මෙහි නැත.

සරණාගතයන් භාර ගන්නා දියුණු බටහිර රටවල් රාශියකි – ඇමරිකාව, කැනඩාව, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ස්කැන්ඩිනේවියානු රටවල්, ඕස්ත්‍රේලියාව, නවසීලන්තය වැනි. ඒ රටවල මනා ලෙස පිළියෙළ කරන ලද, විධිමත් වැඩ පිළිවෙලවල් ඇත.

මේ රොහීන්ග්‍යයන් ඇත්තටම සරණාගතයන් නම් (ඔවුන්ට අදාළ සත්‍ය කරුණු අප නොදනිමු) ධනවත් යුරෝපිය රටවල් ඔවුන්ව බාර නොගන්නේ නම්, මැද පෙරදිග  රාජ්‍යන් ඉදිරිපත් වී ඔවුන්ව භාර ගත යුතුවේ. ඒ දෙකොට්ටාශය අතර ආගමික/සංකෘතික බැඳීම් ඇත.

අප කරුණාවන්ත ජාතියක් බව සැබවි. නමුත් මේ මහා ප්‍රශ්ණයට අපට කර ගැසිය නොහැක. අප සිටිනුයේ දැඩි ගිණි කන්දක් මතය. රජය හැකි පමණින් දුප්පතුනට  උදව් කිරීමට උත්සහ දරන බව සැබවි. නමුත්, මේ රටේ මිනිසුනට හරිහැටි කන්න, අඳින්න නැත, බෙහෙත් නැත. රට වෝහාරිකව බංකොලොත්වීය.  

රොහීන්ග්‍යයන් මෙහි තබා ගැනීම ගැන UNHCR ශ්‍රී ලංකාවට ඉමහත් ලෙස ප්‍රශංසා කර තිබේ. මොවුන් මේ ඒමට හදන්නේ කුමකටද?

රුපියල් කෝටි ගණනක මුදල් කුට්ටියක් සමහර විට ඔවුන් රජයට දී ඇද්ද, නැත්නම් දෙන බවට පොරොන්දු වී ඇද්ද? මේ ගැන අප කිසිත් නොදනිමු. එවැන්නක් වාර්ථා වී නොමැත.

මුදල්/තෑගී  ලබාගෙන ඕනෑම ප්‍රශ්ණ ගොඩකට කර ගහන ඉතිහාසයක් නම් අපට තිබේ. කෙන්ද කන්ද කර ගැනීමට අප ඉතා දක්ෂය.

ශ්‍රී ලංකාවට සැමදා කෙනෙහිළිකම් කල UNHCRට දැන් එක්වරම ශ්‍රී ලංකාව හොඳ වී ඇත.

නොකළ යුධ අපරාධ චෝදනා ගොනු කර, ජෙනිවාහිදී අපට අපමණ හිරිහැර කරන්නේ මේ අයයි. මීළඟ ජෙනිවා සැසිවාරය මේ මාර්තුවේය.

‘අහක යන නයි ඇඳුම අස්සේ දා ගෙන කෑවෝ කෑවෝ කියන්න එපා’  යයි වහරක් සිංහල ගැමියන් අතර ඇත. අපට රජයට කීමට තිබෙන්නේ එයයි.

අප කොතෙක් එපා කීවත්, රොහීන්ග්‍යයන්ව මෙහි ස්ථිරව හෝ දිගුකාලීනව තාවකාලිකව තබා ගැනීමට රජය අදහස් කරන්නේ නම්, ඔවුන් දැන් සිටින මුලතිව් ප්‍රදේශයේ සිට දකුණට එවීමට කිසිසේත් කටයුතු නොකළ යුතුය (ගුවන් යානයකින් අපසු මියන්මාරයට යැවීමට නම් කොළඹට හෝ මත්තලට ඔවුන් රැගෙන ගිය යුතු බව සැබවි).

අඩුම තරමින් ඉදිරියේදී රොහීන්ග්‍යයා නව බෝට්ටු පැමිණියහොත් ඒ අය හෝ ආ විගස නැවත මියන්මාරයට ආපසු යැවීමට රජයට නැණස පහළ වේවා! 

 
 
 

Recent Posts

See All
අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (11 කොටස) Posted on October 17th, 2025

චානක බණ්ඩාරගේ ලෝකේ මිල කළ නොහැකි වටිනාම සම්පත පුංචි දරුවෝයි. අම්මෙක් තම 18 හැවිරිදි පුතාට එයාගේ උපන් දිනය දා දුන් ඔවදන් – ‘හිතන්න එපා අත පය හතර දික් වුණා කියලා සර්ව සම්පූර්ණයි කියලා. මේ සමාජය හරි විසය

 
 
 
අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (14කොටස) Posted on October 27th, 2025

චානක බණ්ඩාරගේ රටේ ජාතික ගීය ලියු රචකයා තාමාට සිදුවූ අසාධාරණය නිසා සියදිවි නසා ගත්තේ නම්, ඉන්දීය නොවන, අපේ රටටම ආවේනික වූ අපුරු සංගීතයක් නිර්මාණය කල අසහාය ගායකයාගේ ගීත වසර 20ට තරම ගුවන් විදුලියෙන් උවම

 
 
 
ට්‍රැෆික්, ලොකු බස්, දුම්රිය සහ ත්‍රීවීල් Posted on September 9th, 2025

චානක බණ්ඩාරගේ රටේ ආර්ථිකයට මරුම මරු පහරකි දැවැන්ත ට්‍රැෆික් ප්‍රශ්නය. මිනිසුන්ගේ වැයවෙන කාලය, නිරපරාදේ දහනය වන ඉන්ධන පමණක් නොවේ මිනිසුන්ගේ මානසිකත්වය පවා එය නිසා පිරිහේ. සංචාරකයෝ/ආයෝජකයෝ ඒමද අඩු විය

 
 
 

Comments


bottom of page