විරාගයේ අරවින්ද
- chanakab4
- Jun 12
- 2 min read
චානක බණ්ඩාරගේ
අරවින්දගේ මරණය දා සුසාන භූමියේදී ගැහැණු දෙදෙනක් මහ හඬින් ප්‍රසිද්ධියේ හැන්ඩුහ. ඒ සරෝජිනී සහ බතීය. හඬන දෙදෙනාව වත්තම් කලේ ඔවුනගේ ස්වාමි පුර්ෂයන්ය.
මුළු ගමම සිතුවේ අරවින්ද නරක කෙනෙක් කියාය - ස්ත්‍රී ලෝලයෙක් කියාය. විශේෂයෙන්ම සුරූපී තරුණියක් වූ බතී සිය නිවසේ නවතා ගෙන සිටීම නිසා.
මරණ මංචකයේදී අරවින්ද බලන්න පැමිණි සරෝජිනිට ඔහු ඇත්ත කීවේය - ‘මට උවමනා කලේ බතීව මගේ කන්තෝරුවේ ක්ලාර්ක් කෙනෙකුට විවාහ කර දෙන්න, ජිනදාස වගේ මිනිහෙකුට නොවේ’. ‘සරෝජිනී මට අපි ඈත පළාතකට පැනලා ගොස් ජීවත් වෙමු කිව්ව ලියුම හැර ඔයා එවපු අන් සියළු ලිපි මා පුළුස්සා දැම්මා’.
මේ ප්‍රකාශ දෙකෙන් විද්‍යාමාන වන්නේ කුමක්ද? සැබෑ අරවින්ද කවරෙක්ද යන්නයි.
ස්ත්‍රී ලෝලයෙක් කියා සමාජයේ පරිභවයට පත් ව සිටී අරවින්ද එවැන්නෙක් නොවන බවයි. ඔහු හොඳ, උත්තම පුරුෂයෙක් ලෙස ජීවත් වූ බවයි.
අවශ්‍ය වුවා නම් අරවින්දට බතී සමඟ රහස් ලිංගික සම්බන්ධයක් ඉතා පහසුවෙන් කරගෙන යාමට අවකාශ තිබුණි. බතී යනු අරවින්දගේ වැඩකාරියයි. නමුත් අරවින්ද සත්‍ය ගරුක, විනය ගරුක පුද්ගලයෙක් විය.
බතීගේ ජීවිතය විනාශ කිරීමට අරවින්දට නුවමනා විය.
නමුත්, සමාජය එසේ නොසිතුවේය.
සමාජය අවිවාහක අරවින්ද නරක කෙනෙක්ය යන ලේබලය ඔහු වෙත අලවන ලදී.
අරවින්ද ජුගුප්සාජනක කෙනෙක් වූ බව ඇත්තය. එසේ කීමෙන් ඔහුට පරිභව කල නොහැකි බව දන්නා සමාජය තනිව ජීවත් වූ අරවින්දට පහර ගැසුවේ ඔහුගේ ‘නරක’ චරිතය අලලායි.
මේ දේ අදත් සිදුවේ.
අරවින්දගේ නිවසේ ඔහුගේ දුවක් විය හැකි වයසේ වූ, ඉතා සුරූපී තරුණ බතී වාසය කිරීම ගැන (ඔහුගේ ආවතේව කල), බොරු කථා ගොතා අරවින්දට පහර ගැසීමට සමාජයට ඉතා පහසු විය. එය ඉතා දරුණු ලෙස අරවින්දට කලේ අරවින්දව හොඳින්ම දත් සිරිදාස, මේනකා වැන්නන්ය. අරවින්දව හොඳින් නොදත් බාහිර සමාජයද එය කළේය.
සමාජයෙන් තදින් බැට කෑ අරවින්ද මිය ගියේ සමාජය සමඟ වෛරයකින්ද? විය නොහැකියි. මන්ද, අරවින්ද සමාජයට වඩා ‘ඉහලින්’ ජීවත් වූ කෙනෙක් නිසාය.
සමාජයේ වැරදි, අඩුපාඩු හැඳින, ඒවා ගැන දැනුවත්ව සිටී ඔහු සමාජය දෙස බැලුවේ උපේක්ශාවෙනි. ඕනෑම නින්දා අපහාසයකට මුහුණ දුන්නෙන්ය. එසේ මුහුණ දීමට සුදානම්වද සිටියේය. එසේ කල අය සමඟ සටනට නොගියේය.
හොඳ මිනිසුනට නිසි සොයා බැලීමක් නොමැතිව නින්දා, අපහාස කිරීම අප සමාජයේ ඇති දුර්වල ගතියකි. දියුණු, බටහිර රටවලද මේ දේ සිදුවේ; නමුත් සාපේක්ෂව එම රටවල ඒ තත්ත්වය අඩුය.
මේ දේ සමාජයේ උසස් තැන් වල අයද බොහෝ කරත්. ඔවුන් එසේ කරන්නේ හුදු පළිගැනීමට සහ ඊර්ෂ්‍යාවටය.
අරවින්ද ඔවුනට වෛර නොකලත් කිසිසේත් සමාව දුන්නාය යයි සිතීමට අපහසුය.
අරවින්ද මිය ගිය පසු ඔහු ගැන හොඳම විග්‍රහය කලේ බතීගේ සැමියා වූ ජිනදාසය - ‘අරවින්ද හොඳ වැඩියි, හොඳ වැඩි වෙන එකත් හොඳ නෑනේ’. ජිනදාස එසේ කිවේ සිරිදාසටය. සිරිදාස කිසිත් නොකීය.

Comments